කොවිිඞ් 19 හදිසි තත්ත්වය - ඡුීෂහි දෘෂ්ටිකෝණය සහ ප‍්‍රමුඛතා

අප ජීවත්වන මොහොතේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයටම පෙරමුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව PSI වටහා ගනී: ක්ෂණික ඉලක්කගත හදිසි ක්‍රියාමාර්ගයක් සහ ආර්ථික ප්‍රතිචාරයක් (ලකුණු 8 බැගින්)

සිය සාමාජිකයන් ඉතිහාසයේ මෙතෙක් මුහුණ පෑ දරුණු අර්බුදයකට ඡුීෂ මුහුණ දෙමින් සිටී. ගෝලීයව වෛරසය ආසාදිතයන්ගේ මුළු අගයෙන් 12%ක් පමණ සෞඛ්‍ය සේවයේ නියුක්තිකයන් වන අතර ඔවුන්ගේ මරණ සංඛ්‍යාව ද දැරිය නොහැකි අගයක් ගනී.

සෞඛ්‍ය පද්ධතිය තුළ පෙර සූදානමක් නොමැතිකම, සෞඛ්‍ය සේවක හි`ගය, වෙහෙසකර දීර්ඝ සේවා මුර සහ පෞද්ගලික සෞඛ්‍යාරක්ෂණ මෙවලම්:ඡුඡුෑ* අවමවීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් අති බිහිසුණු ව්‍යයසනයකට විවෘත වීමේ අවධානම ඇති අතර, මෙවන් හදිසි තත්ත්වයක දී සෞඛ්‍ය පද්ධතිය තුළ නිසි සේවා ධාරිතාවයක් පවත්වා ගැනීමේ නොහැකියාව නිසා එය තවත් නරක අතට හැරීමේ ඉඩකඩ ඇති කරයි.

දිගු කාලයක පටන් වෛද්‍ය සංවාතක යන්ත‍්‍රවල, දැඩි සත්කාර ඒකක ඇ`දන්වල, පරීක්ෂණ කට්ටලවල, පරීක්ෂණාගාරවල සහ ජෛව විද්‍යාඥයින්ගේ ඇති සංඛ්‍යාත්මක අඩුපාඩුව නිසා ජීවිත බේරාගැනීමේ දී විශාල බාධකවලට මුහුණදීමට සිදුවේ. එසේම, මෙතෙක් අඩුපාඩුකම් සහිතව පවත්වාගෙන ගිය සෞඛ්‍ය සේවකයන්ගේ රාජකාරී පරිසරය තවත් බරපතල අර්බුදයකට ඇ`දදමයි.

ඊට අමතරව, වසර ගණනාවක සිට සෞඛ්‍ය පහසුකම් පෞද්ගලීකරණ සිදුකිරීම නිසා මෙවන් ව්‍යයසන තත්ත්වයක දී පොදු සෞඛ්‍ය පද්ධතියට ඇතිවන පීඩනය තව තවත් දැඩිවේ. මෙවන් ජාතික ව්‍යයසන තත්ත්වයක දී පෞද්ගලික සෞඛ්‍ය අංශ ද සෞඛ්‍ය සේවා ලබාගැනීමට රජයේ රෝහල් පද්ධතියට එකතුකරගැනීමේ තීරණයක් (කවුරු හෝ* රජය ගන්නා තුරු අධික තදබදය තුලින් ඇතිවන පීඩනය එසේම පවතී.

රෝසා පවනෙල්ලි PSI ප්‍රධාන ලේකම්

සිය සාමාජිකයන් ඉතිහාසයේ මෙතෙක් මුහුණ පෑ දරුණු අර්බුදයකට ඡුීෂ මුහුණ දෙමින් සිටී

මෙවන් අවස්ථාවක දී, වෘත්තීය සමිති ව්‍යාපර පවා අවධානය යොමුකළ යුත්තේ හදිසි අනතුරු තත්ත්වයට ප‍්‍රතිචාර දැක්වීම ස`දහාය ඃ

  1. වසංගතයට සෘජුව විවෘතවීමේ වැඩි ඉඩකඩක් ඇති සියලූ සේවකයන්ට (සෞඛ්‍යාරක්ෂක, වැඩිිහිටි සනීපාරක්ෂක, රෝගීන් රැුකබලාගන්නන්, ප‍්‍රවාහන සේවකයන්, ගිලන්රථ සේවකයන්, පොලීසිය, ගිනි නිවීමේ නිලධාරීන්, බන්ධනාගාර සහ රැු`දවීම් මධ්‍යස්ථාන සේවකයින්, සරණාගත සහ විගමනික රැු`දවුම් මධ්‍යස්ථාන පහසුකම් සපයන්නන්, සාප්පු සහයක සහ අයකැමියන්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන සේවකයන් සහ අදාළ සියලූ සේවා සපයන්නන්* ලබාදී ඇති ඡුඡුෑ එකේ සියලූ පියවරයන් භාවිතය යපහත් වේ. ඉහළ ඉලක්ක සපුරාගැනීම ස`දහා අවශ්‍ය ආධාරක උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලාවලට පහසුකම් සපයන ලෙස සියලූ සමිති සමාගම් විසින් රජයෙන් ඉල්ලා සිටිය යුතුය. මෙම ඉල්ලීමට වෛද්‍ය සංවාතක යන්ත‍්‍ර, පරීක්ෂණ කට්ටල සහ සෞඛ්‍ය අංශයේ කාර්යභාරය පහසුකිරීමට අවශ්‍ය සියලූ උපකරණ සහ මෙවලම් ආදිය නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය ද ඇතුළත් වේ.

  2. දැඩි සත්කාර ඒකකවල ඇ`දන් ගණන වැඩිකිරීම. මෙයින් අදහස් කරන්නේ පෞද්ගලික සෞඛ්‍ය අංශවල ඇති රෝහල් සහ සායන ද රජයට පවරාගනිමින් ඇතිවන හදිසි තත්ත්වයට ප‍්‍රතිචාර දැක්වීම ස`දහා සූදානම් විය යුතුය.

  3. දැනට සේවය කරන සෞඛ්‍ය සේවකයන් වැඩි වශයෙන් වසංගතයට සම්මුඛවීමේ අවධානම අඩුකර ගැනීම ස`දහා වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අලූතින් බ`දවාගැනීම, පුහුණුකිරීම සහ ආරක්ෂණ මෙවලම් සපයාදීම සිදුකළ යුතුය.

  4. කොවිඞ්-19 ප‍්‍රතිකාර ස`දහා අත්‍යවශ්‍ය වේ යැයි තහවුරු කරගත් ඖෂධවල පේටන්ට් බලපත‍්‍ර අහෝසි කිරීම. ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ගෝලීය මට්ටමෙන් සංවිධාන සමූහයක්/නියෝජිත ආයතනයක් ගොඩනගා වෛරසයට එරෙහි එන්නතක් සාදාගැනීමේ පරීක්ෂණ සම්බන්ධීකරණය කිරීම සහ වාණිජමය සූරාකෑම වළක්වාගැනීම.

  5. අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය නිෂ්පාදනය සහ එයට අදාළ වාණිජ ක‍්‍රියාකාරකම් සියල්ල නවතා දැමීමට නියෝග ඵැනවීම.

  6. සියලූ ආකාරයේ අනියම් සේවකයන් ඇතුළුව සියලූ සේවකයන්ට සහ පවුල්වල අයට සහයෝගය දීමට මෙන්ම පඩි සහිත නිවාඩු සහතික කිරීමට රජයෙන් ඉල්ලා සිටීම. ඊට සමගාමීව දිගටම සේවයේ නියුතු සියලූ සේවකයන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට සහයෝගය ලබාදීම. ඡුීෂ හි අප විශ්වාස කරන්නේ මෙවන් ගෝලීය ව්‍යයසන තත්ත්වයක දී පවුල්වලට, කුඩා ව්‍යාපාරවලට සහ බලපෑමට ලක්ව ඇති අදාළ වෙනත් අංශයන්වලට රජයේ මාර්ගෝපදේශයන්ට අනූව සහයෝගය ලබාදිය හැකි ක‍්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවයි.

  7. පිරිසිදු ජලය සහ අත් සෝදාගැනීමට අවශ්‍ය සබන් ආදී ද්‍රව්‍ය ද ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවලට හදිසි තත්ත්වයක දී සහයෝගය දැක්වීම ස`දහා එම රටවල ස්ථාපිත කරඇති සංවර්ධන නියෝජිත ආයතන සහ ලෝක මුල්‍ය අරමුදල ආදී ආයතන සම`ග සහසම්බන්ධ වෙමින් කිසිදු කොන්දේසියකින් තොරව අත්‍යාවශ්‍ය මූලාශ‍්‍ර සපයාදීම සිදුකළ යුතුය.

  8. රැු`දවුම් ක`දවුරුවල සිටින සංක‍්‍රමණිකයන්, දේශසීමාවල හසුවී සිටින සහ සරණාගතයන්, ආරක්ෂිත භූමියක් සොයන්නන්, සංක‍්‍රමණිකයන් සහ ක`දවුරුවල සිටින අනාථවූවන්ට ඔවුන්ගේ මූලික මානව අයිතීන්ට සහ ස්වයං සුබසාධනයට අනුකූලව ඉක්මන් සෞඛ්‍ය විස`දුම් ලබාදීම ස`දහා ජාත්‍යන්තර ප‍්‍රජාව උනන්දු කළ යුතුය. මානව අයිතිවාසිකම් සහ මානුෂීය තත්ත්වයන් පසෙකින් තබා නිරීක්ෂණය කළත් වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපේ අවධානයට යොමුවී ඇති ප‍්‍රධාන කාරණාවක් වන්නේ අදාළ සීමා පනවා ඇති ප‍්‍රදේශවල විශාල පිරිසක් පිරිසිදු ජලය සහ අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක මෙන්ම නිසි සෞඛ්‍ය සේවාවක් නොමැතිව දැඩි අවධානමක ජීවත්වන බැවින් එම පිරිසක් ආශ‍්‍රයෙන් වෛරසය පැතිරී යාමක් සිදුවුවහොත් එය පොදු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේම කඩාවැටීමේ මූලික පියවර වීමේ හැකියාවක් ඇතිබවයි.

සෞඛ්‍ය අර්බුධය නිසා ඇතිවන ආර්ථික අවපාතයෙන් නිර්මාණය වන බලපෑම්වලට මුහුණදීමට නිවැරදි ගණනය කිරීමක් අවශ්‍ය වේ. පෙර සූදානමකින් තොර වීමෙන් සහ පසුගිය වසර 30 පුරා පැවති ගෝලීය ආර්ථික ක‍්‍රමවේදය වෙනස්වීම නිසා ව්‍යයසනය තුලින් නිර්මාණයවන්නා වූ තත්ත්වයන් තවත් අර්බුධකාරී තත්ත්වයන්ට බවට පත්වීමේ හැකියාවක් ඇත. වඩා ගැඹුරු ආර්ථික කම්පනයක් ම`ගින් වැඩකරන ජනතාවට දැඩි අපහසුතා නිර්මාණය කිරීමට සහ තවත් ආර්ථික කප්පාදු චක‍්‍රයකට මුහුණදීමේ ම`ග පාදයි. ආර්ථිකයේ සිදුවන වෙනස්වීම්වලට මුහුණදීම ස`දහා දැන්ම පටන් අප සූදානම් විය යුතුය.

ගෝලීය හදිසි තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා වේගවත් සහ විප්ලවීය සීමා නිර්ණයන් සිදුකරමින් ආර්ථික කප්පාදු නතර කිරීමට මූලිකත්වය ගැනීම, සමාජ කඩාවැටීම නැවැත්වීම සහ දක්ෂිණාංශික දේශපාලන දැඩි මතධාරීන් නිසා ඇතිවී ඇති ගෝලීය මූල්‍ය අර්බුධය :ඨත්‍ක්‍* මැඩලීම ස`දහා අරමුදල් සැපයීම කෙසේ හෝ සිදුකළ යුතුබව අප විසින් ප‍්‍රකාශකළ යුතු අවස්ථාව පැමිණ තිබේ. සේවකයන් දැනටමත් මේ වෙනුවෙන් විශාල කැපවීමක් සිදුකරමින් සිටී. තවද කුඩා කර්මාන්ත කරගෙන යා නොහැකිව පීඩාවට පත්ව තිබේ. තමන් විසින් නිර්මාණය කළ අර්බුදයට ක්ෂණිකව විස`දුම් ලබාදීමේ සහ මෙතෙක් සමස්ත ආර්ථික පද්ධතියෙන් අධික ලාභයක් ළ`ගාකර ගත් කණ්ඩායම්වලට ඒ වෙනුවෙන් නැවත ගෙවීමේ අවස්ථාව පැමිණ තිබේ. පහත ස`දහන් ගැටලූ ද ඇතුළුව විස`දුම් ලබාදිය යුතුය ඃ

  1. අවදානමට ලක්විය හැකි ආර්ථික කලාපයන්ට ණය සහන සහ ණය ප‍්‍රති ආකෘතිගත කිරීම් හ`දුන්වා දියයුතු වේ. නැතහොත් දැනට ඔවුන් ගනුදෙනු කරන සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදය අතර මැද්දේම ඔවුන්ට තවත් අභියෝගයක් වූ මුල්‍ය සහ නැවත ගෙවීම් අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැක.

  2. ගෝලීය ණය ඇප ලබාදීමේ පද්ධතිය වෙනස් කිරීම ම`ගින් කාලීන ණය ගෙවීම් පිළිවෙළ ප‍්‍රතිව්‍යුහගත කිරීම සහතික කිරීම. සමාජ අර්බුදය වේගවත්වීමක් සිදුනොවන හෝ ආර්ථික වර්ධනයට අවහිරයක් ඇතිනොවන පරිදි අවශ්‍ය වූ විටක ණය ලබාදෙන්නා සහ ණය ලබාගන්නා අතර අදාළ හානියේ අගය බෙදාගැනීමට කටයුතු කිරීම

  3. යුරෝපය සහ බ‍්‍රසීලය ක‍්‍රියාකළ පරිදි ව්‍යාවස්ථාදායක ණය සහ වියදම් ඉවත් කිරීම

  4. රටවල් ස`දහා ණය දෙන ආයතනවලට (ලෝක බැංකුවේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, කලාපීය සංවර්ධන බැංකු හෝ පෞද්ගලික ණය ලබාදෙන්නට* කම්කරු වෙළ`දපොල ලිබරල්කරණය, පෞද්ගලීකරණය හෝ වත්කම් ඉහළ අයගේ බදු අඩුකිරීම ආදී ලිබරල්කරණ කොන්දේසී පැනවීමකින් තොරව රටවල්වලට ණය ලබාදීම වෙනුවෙන් බලපෑම් කිරීම

  5. ආර්ථික අර්බුද මතුවීමට මූලික කාරණයක් වන වත්කම් ගොඩනගාගෙන ඇති ධනපතීන්ට ආදායම් බදු ඇතිකර මේ අර්බුදයෙන් ගොඩ ඒම ස`දහා දායකත්වය ලබාගැනීම සහතික කිරීම.

  6. අමතර ලාභ ඉපැයූ ආයතන ස`දහා ආයතනික බදු අනුපාතයන් අගය 50%කින් වැඩි කළ යුතුය. උදාහරණයක් ලෙස සමස්ත අගය 5%කට ඉහළින්. සමහර ආයතන කඩා වැටෙන සමයක, පොදු ජනතාවගේ සේවාවන්ට අරමුදල් නැතිවන සමයක සහ කම්කරුවන් විශාල කැපකිරීම් සිදුකරන සමයක වැඩියෙන් ලාභ උපයන අදාළ ආයතනවලට මේ මහ ව්‍යයසනයෙන් සියලූ දෙනාටම සහනය සැලසීම ස`දහා අරමුදල් සැපයීමට සදාචාරාත්මක සහ ආර්ථිකමය වගකීමක් තිබේ. වෙනත් සාමාන්‍ය බදු අයකිරීම් මෙන් නොව අමතර ලාභ ඉපැයීම නිසා ලබාගන්නා බදුවලින් අදාළ ආයතනවලට කිසිදු හානියක් සිදුනොවේ. මන්දයත් ඔවුන් අදාළ බදු අය කරගැනීමට ප‍්‍රථමයෙන් අමතර ආදායම් ලබා ඇති නිසා එය ඔවුන්ට බලපෑමක් ඇති නොකරයි. අර්බුදයට ලක්ව ඇති ආයතන තවදුරටත් බදු ගෙවීමෙන් නිදහස්වන අතර ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට රජයේ පොදු ආදායම් හරහා අරමුදල් සැපයීම සිදුකළ හැක. එසේ ව්‍යාපාර පවත්වා ගැනීම හරහා ලබාගන්නා අමතර ආදායම් නැවත රජයේ පොදු ආදායම් ගිණුමට ක්ෂණිකව බැරකරගත යුතුය.

  7. පෙර බදු ඉවත්කිරීමෙන් සහ බදු ළිහිල් කිරීම නිසා මුදල් ගොඩගසාගෙන ඉතා ඉහළ ආදායම් උපයාගන්නා සන්නිවේදන තාක්ෂණ ආයතන (මිනිසුන් නිවාසවල සිරවී සිටින නිසා දැන් ඔවුන් තවත් වැඩියෙන් උපයයි උදා ඃ නෙට්ෆිල්ක්ස්, ඇමසෝන් ආදිය* ස`දහා ඩිජිටල් බද්දක් ක්ෂණිකව හ`දුන්වාදිය යුතුය. බොහෝ රටවල් එම ආයතනවලට බදු හ`දුන්වාදීමේ අපේක්ෂාවෙන් සිටින අතර ධෑක්‍ෘ ඊෑඡුී ක‍්‍රමවේදයේ ක‍්‍රියාවලියන් ප‍්‍රසිද්ධවන තුරු බලාසිටී. ඊෑඡුී ක‍්‍රමවේදය හරහා දැන් කිසිදු විශ්වාසනීය යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති අතර මෙය අත්‍යවශ්‍ය හදිසි මුල්‍ය පිළිසකර කිරීම් සිදුකිරීමට සුදුසු කාලවකවානුවක් ද නොව්. එමනිසා සියලූම රටවල් ආදායම් උපයන මෙවලම් ලෙස අදාළ සන්නිවේදන තාක්ෂණ ආයතනවලට ඉක්මණින් බදු හ`දුන්වාදිය යුතුය.

  8. බදු ලිහිල් කිරීම් යටතේ වැඩි ආදායම් උපයා ගනිමින් සිට පොදු මුදල් භාවිත ක්‍ඊක්‍ඍ :ජදමබඑරහ ඉහ ජදමබඑරහ රුචදරඑ* වාර්තාවක් නොසපයන කිසිදු ආයතනයකට මුල්‍ය ළිහිල් කිරීමක් සිදුනොකළ යුතුය. ඉහත ස`දහන් මිනුම් නොමැති නම් ඨත්‍ක්‍ සහ ඇමරිකාවේ මෑතක දී ලබාදුන් බදු සහනවලට ප‍්‍රතිචාර ලෙස ආයතන උපයාගත් ආදායම් මුදල් ඔවුන්ගේ කොටස්කරුවන්, අධ්‍යක්ෂකවරුන්, කළමනාකාරීත්වය අතර බෙදාගැනීමට කටයුතු කරඇති බව තහවුරුවන නමුත් කිසිදු අවස්ථාවක එම ආදායම්වලින් කොටසක් සේවයක් ආරක්ෂා කිරීමට හෝ සේවකයන්ගේ තත්ත්වය ඉහළ නැංවීම ස`දහා භාවිතයට ගෙන නොමැත.

දීර්ඝ කාලීනව ගෝලීය ආර්ථික පද්ධතීන් ගැන නැවත වරක් ගැඹුරෙන් සිතා බැලීමට කාලය එළඹ තිබෙන අතර, නිෂ්පාදන පද්ධතිය සහ ගෝලීය බෙදාහැරීම් ජාලයේ ක‍්‍රියාවලිය ඇතුළු සියල්ලම මෙම ව්‍යයසනය නිසා අර්බුදයට ගොස් තිබේ. මහ ජනතාවට ප‍්‍රියකරන සහ ජීවන පැවැත්මට ගෙනයාමට වුවමනා කරන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ගෘහස්ථ කර්මාන්ත ඇතුළුව කර්මාන්ත ප‍්‍රතිපත්තීන් නිර්මාණයේ දී රජයේ කාර්යභාරය අප විසින් නැවත සිතා බැලිය යුතුය. එමෙන්ම පොදු මහජන සේවා සහ මහජන සෞඛ්‍ය පද්ධතිය න`ගා සිටුවීමට ආයෝජනය කිරීම, පොදු අධ්‍යාපනය ලබාදීම, පිරිසිදු ජලය ලබාදීම, සනීපාරක්ෂක සේවා සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළහි කාර්යභාරය නැවත විමර්ශණය කිරීම අතිශය වැදගත් කාර්යයකි. මේ තුලින් ඒත්තු ගැන්වෙන්නේ දැනට පවතින මූල්‍ය ලාභය ප‍්‍රමුඛ කරගත් ගෝලීය ආර්ථික මොඩලය සහ ඵභක්‍ි අසීමිත බල අධිකාරිය විසින් ගෙන ගිය ආසාර්ථකත්වය අවසන් විය යුතුයි යන්න තවදුරටත් තහවුරු කිරීමයි.

මේ නිසා වර්තමාන සංවාදය ඉතා ඉක්මණින් වෙනස්කළ යුතුබව අප විශ්වාස කරයි.

මේ නිසා වර්තමාන සංවාදය ඉතා ඉක්මණින් වෙනස්කළ යුතුබව අප විශ්වාස කරයි.

අපට ජීවිත බේරාගන්නා සෞඛ්‍ය සේවකයන් වීරයන් ලෙස ඇමතීමට අවශ්‍ය නැත. ඔවුන් වීරයන් නොවේ, ඔවුන් ගෞරවය, ආරක්ෂාවීමේ අයිතිය , සැලකිය යුතු ප‍්‍රශංසනීය ගෙවීමක් සහ ප‍්‍රශස්ථ කාර්ය පරිසරයක් උරුම විය යුතු වෘත්තීයවේදීන් වේ.

අපට අනාගතයේ ඇතිවන ව්‍යයසනයක් වළක්වාගැනීමට අවශ්‍ය නම් සහ වඩාත් හො`ද මෙන්ම සැමටම සාධාරණ ලෝකයක් ගොඩනැගීමට වෙනුවෙන් සත්‍ය වශයෙන්ම වැඩකිරීමට අවශ්‍ය නම් නැවත වතාවක් එකම දේ කියන්න සිදුවීමට පෙර අධික ලාභයක් ලබන්නන් සහ ගෝලීය ආර්ථික සෙල්ලම වෙනස් වූ ආකාරය පිළිබ`ද පැහැදිළි දැක්මක් ඇතිකර ගත යුතුය.

මෙවන් ව්‍යයසනකාරී තත්ත්වයක් තුළ දී හෝ සැබෑ තත්ත්වය හ`දුනා නොගැනීම අතපසුවීමක් නොව එය ඇත්තටම වගකීම් පැහැර හැරීමකි. කලින් අවස්ථාවක 2008 වසරේ දී අප මේ අවස්ථාව පැහැර හැරි අතර උදාවී ඇති මේ අවස්ථාව අපට කිිසිදා පැහැර හැරිය නොහැක.

ශුද්ධ වූ ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ කී පරිදි ”මේ ලෙඩ වෙච්ච ලෝකේ ඇතුලේ අපි හරි නිරෝගීව ඉන්නවා කියලා අපි හිතනවා.” සහ කොවිඞ්-19 නිසා නිර්මාණය වුණු ගෝලීය අර්බුදය තුලින් පෙන්නුම් කළේ අපි ආරක්ෂිත නැති බවත් අපට මේ ලෙඩ වුණු ලෝකය තුළ ආරක්ෂාකාරීව සිටීමේ හැකියාවක් නොමැති බවයි.

දේශගුණික විපර්යාස සම`ග ගනුදෙනු කිරීමට අපට උදව් කිරීම ස`දහා රජයන්ට බලකරමින් විවිධ නීති සම්පාදනය කිරීමට අප මහන්සි විය යුතුය. මේ අර්බුදය හමුවේ මානුෂීයබව ආරක්ෂා කරගැනීම සහ සමස්ත පද්ධතියේම අසාර්ථකත්වය මැඩපවත්වා ගැනීමට රැුකියා සුරක්ෂිතතාවය පිළිබ`ද ඉලක්කයන් සහ සමාගම් ප‍්‍රමුඛ කොටගත් සාධනීය පරිවර්තනයන් පිළිබ`ද අවධානය යොමුකළ යුතුය.

පවතින ප‍්‍රතිපත්තීන්වලට ඉතා ක්ෂණික පරිවර්තනයන් හ`දුන්වාදීමේ අපහසුතාව හෝ වෙළ`දපොල ආර්ථිකයේ ගනුදෙනු කළයුතු හො`දම අවස්ථා අනාගත අර්බුද යැයි දැන් කිසිවෙකුටවත් කිව නොහැක. නමුත් ජනතාවට මේ අනතුරු ඇ`ගවීම් ම`ගහැරයා හැකි අතර සුපුරුදු පරිදි තමන්ගේ පෙර කාර්යභාරයන්ට නැවත පැමිණිමට හැක. කෙසේවූවත්, අපගේ කාර්යයවන්නේ මෙවන් අර්බුදයක් නැවත ඇති නොවීමට වගබලා ගැනීමයි. දැනට පවතින අපහසුතා දිගටම පැවතීමට ඉඩ ලබා නොතබා සහ මේ අනතුරු ඇ`ගවීම් අවබෝධයට කරගනිමින් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් දැන් අප ඉතා වේගවත් නව ආර්ථික ප‍්‍රතිපත්තීන් නිර්මාණය කිරීමට යොමුවීමේ අවස්ථාවන් සහතික කරගත යුතුය. ඇත්තටම ලාභයට වඩා ජනතාව සහ සමස්ත මිහිතලයේම අභිවෘද්ධිය වෙනුවෙන් අපි සියලූ ප‍්‍රතිපත්තීන් නිර්මාණය කරගත යුතුය.